සුළං තත්වයක දී ඔබගේ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට පහත පියවර අනුගමනය කරමු.

highwindසුළි සුළගක් යනු උණුසුම් ජල පෘෂ්ඨ මත ඇති වන නිවර්තන කුණාටුවකි.එහි ලක්ෂණ ලෙස අධික වැසි ද,තද සුළං ද,ඇතැම් විට ගංගා හෝ ඇළ මාර්ග දිගේ රට තුළට ඇදෙන ඉහළ ගිය මුහුදු රළ හදුනාගත හැක.

සුළි සුළං නිසා ඇති වන තද වැසි නිසා ගංවතුර වගා බිම්වලට හානි වීම, යටිතල පහසුකම් විනාශ වීම, ගොඩනැගිලි, විදුලිබලය, දුරකථන කම්බි ආදීය විනාශ විය හැකි අතර ජීවිත පවා විනාශ විය හැක.

ශ්‍රී ලංකාවේ ඊසාන දිග මෝසම් කාලයේ දී උතුරු සහ නැගෙනහිර පළාත් වල බොහෝ විට සුළි සුළං ඇති වේ. වසර 2000 දී පැයට සැතපුම් 75 ක වේගයක අධික වේගයෙන් ශ්‍රී ලංකාවට හැමූ සුළි සුළඟ නිසා නිවාස හානි සහ ජනතාවගේ ජිවන කටයුතු අඩාල විය.

සුළි සුළගක් දින කීපයක් පැවතීමට ඉඩ ඇති නිසා ආරක්ෂාකාරී ස්ථානයක් සූදානම් කර සුළි සුළං පිළිබද අනතුරු ඇගවීමක් කළ විගසම එම ස්ථානයට ලගා වීම ඉතා වැදගත් වේ. නැවත දැනුම්දීමක් ලැබෙන තුරු තව දුරටත් එම ස්ථානයේම රැදී සිටීමත් සුළි සුළගකින් අනතුරු ප්‍රදේශයේ පවතින අවදානම්කාරී තත්ත්වය පිළිබදව සැළකිලිමත් විය යුතුය.

සුළි සුළං තත්වයක දී කාලගුණ වෙනස පිළිබද අවධානයෙන් සිටිමත්, ප්‍රවෘත්ති නිවේදන වලට සවන් දීම අවදානම් සහිත ගස් හෝ කෙටස් කපා ඉවත් කිරීම, නිවෙස්වල විශාල ජනෙල් පියන් සුළගට හසු නොවන අන්දමට තදින් බැද තැබීම, දින කීපයකට සෑහෙන පරිදි ආහාර ද්‍රව්‍ය රැස් කර ගැනීම සහ ආපදා අවස්ථාවට සැහෙන පමණ ආහාර සහ ජලය රැස්කර ගැනීම වැනි ආපදා පුර්ව සුදානම ආපදා අවදානම අවම කරයි.

සුළිසුළක් හමන අවස්ථාවේ දී සියළුම ජනේල වැසිමෙන් නිවසේ වහලයට ඇති වන පීඩනය වැලැක්වීමට එක ජනේලයක් පමණක් විවෘත කර අනෙක් ඒවා වසා සුරක්ෂිත කර ගන්න. නිවසින්පිටතහෝඇතුලතආරක්ෂාකාරී ස්ථානයක රැදී සිටිම සහ එම ස්ථානය නිවස ඇතුලත නම් දොර ජනෙල්වලින්, ලෝහමය ද්‍රව්‍ය සහ විද්‍යත් සන්නායකයන්ගෙන් ඈත් ව පිහිටි ස්ථානයක් වන්නේ නම් අවදානම අඩු කර ගත හැකිය. එසේම දැඩිව සුළං හමන අවස්ථායක දී සියලුම විදුලි සම්බන්ධතා විසන්ධි කිරීමට කටයුතු කළ යුතුය එහෙයින් භාවිතා කරන විදුලි උපකරණ ආරෝපණය කර ගැනීමට කටයුතු කිරීමෙන් සිදු විය හැකි පීඩා අවම කරගත හැකිය.

සුළගකින් පසුව ඔබ සුරක්ෂික යැයි සිතා ගොඩනැගිලිසුන්බුන්, ගස්කොළන් ආදිය අතරින් ඇවිද යාම අවදානමකට අතවැනීමක් විය හැක එබැවින් එළිමහනේ ඇවිද නොයන්න. තාක්ෂණික ආයතන විසින් ලබාදෙන නිල නිවේදනයන්ට අනුව කටයුතු කරන්න.

ඇතිවිය හැකි ආපදා අවදානම් තත්වය පිළිබද දැඩි විමසිල්ලෙන් කටයුතු කරන්න. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන්නත. ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මාධ්‍යට සවන් දෙන්න.

රට තුළ පවතින කෝවිඩ්- 19 වසංගත අවදානම නිසා ඔබ මේ ගත කරන්නනේ වෙනදාටත් වඩා අවදානම් සහගත කාල වකවානුවක බව සිත්හි තබා ගන්න. ආපදාවක දී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඩචාත් සුරක්ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ගමන් කරන්න.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052