ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනයට සමගාවීම අවස්ථායික මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද පෙරහුරුවක් අද (13) දින පැවැත්විනි.

Table top Execise 2020

එක්සත් ජාතීන්ගේ අධයාපන විද්‍යාත්මක සහ සංස්තෘකික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය), අන්තර් ජාතික සාගරවිද්‍යා කොමිසම (Intergovernmental Oceanographic Commission) සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) මග පෙන්වීම සහ තාක්ෂණීක සම්බන්ධීකරණය යටතේ කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනේ 2020 ඔත්තෝබර් 13 දින පැවැත්විය. කොවිඩ් 19 ව්‍යසන තත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මඩකලපුව, ත්‍රිකුණාමලය, කලුතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් අවස්ථායික මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද පෙරහුරුවක් (Table Top Exercise) වශයෙන් මෙම පෙර හුරුව පවත් වන ලදී.

කලාපීය රටවල් 28 ක් මෙම කලාපීය සුනාමි පෙරහුරුව සදහා සහ බාගී වු අතර ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය මගින් තාක්ෂණික වශයෙන් සම්බන්ධවු මෙම අවස්ථායික මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද පෙරහුරුවක් (Table Top Exercise)සදහා මහජන ජනතාව සහභාගි කරවා ගැනීමක් සිදු නොවු අතර දිස්ත්‍රිතක් මට්ටම දක්වා පුර්ව ඇගයීම් යාන්ත්‍රණය පරීක්ෂාවට ලක් කිරීම මෙම වැඩ මුලුව මගින් සිදු කෙරිණි.

අනුතර් ජාතික සහ ජාතික වශයෙන් පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදවල පවතින කාර්යක්ෂමතාව පරීක්ෂාකිරීම, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ කටයුතු කරන පිරිසේ ධාරිතාව පරීක්ෂාකිරීම, ආපදා අනතුරු ඇගවීමක දී ප්‍රතිචාර දැක්වීම, පුර්ව අනතුරු ඇඟවීම නිවේදනය කිරීමේ දී වඩාත් කාර්ක්ෂම සහ යෝග්‍ය සංනිවේදන ක්‍රමෝපායන් හදුනාගැනීම, පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදවල පවතින දුර්වලතා පරීක්ෂා කිරීම.ඉදිරියේ දී වඩාත් යෝග්‍ය ක්‍රමෝපායන් හදුනාගැනීම සහ පවතින අඩුපාඩු අතපසුවීම් සහ දුර්වතා මගහරවා ගැනීම සදහා පුහුණුව. ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සම්මත මෙහෙයුම් පටිපාටි පරීක්ෂා කිරීම මෙම අවස්ථායික මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද පෙරහුරුවක් (Table Top Exercise) තුළින් අපේක්ෂිත අරමුණු වේ.

මෙම අවස්ථායික මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද පෙරහුරුව (Table Top Exercise) අදාල ඡායාරූප විස්තරයක් https://www.facebook.com/dmc.gov.lk/ හි පල කර ඇත.

 

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052