ආපදා අවදානම් කළමනාකරණය ක්‍රියාවලිය පිළිබද දැනුම අවබෝධය වැඩිදියුණු කිරීම වෙනුවෙන් පැවැත්වුණු දීප ව්‍යාප්ත චිත්‍ර නිර්මාණ තරගාවලියේ ත්‍යාග ප්‍රදානය

චතර තරගය තග බද දම 2020

පාසල් සිසුන් තුළ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ දැනුම අවබෝධය වැඩිදියුණු කිරිම සහ ආපදා අවදානම කළමනාකරණ ක්‍රියාවලියට පාසල් සිසුන්ගේ දායකත්වය ලබා ගැනිම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියක් පැවැත්විණි.

 

වයස් කාණ්ඩ තුනක් යටතේ පැවැත්වුණු මෙම තරගාවලියේ ජයග්‍රහණ ලබාගත් දරුදැරියන් සදහා ත්‍යාග සස සහතික පත්‍ර ප්‍රදානය කිරීම ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත බෙන්ඩ්‍රා බාර්ටන් (BRENDA BARTON) මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ශ්‍රවනාගාරයේ දී පැවැතත්විණි.

 

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, අවදානම් කළමනාකරණ උපායමාර්ග සහ ආපදා අවදානම් නිර්මාණය කරන සාධක පිළිබඳ පාසැල් සිසුන්ගේ දැනුම හා අවබෝධය වැඩිදියණු කිරීම සහ ඔවුන්ගේ ආකල්ප කුසලතා වර්ධනය කිරීම, පාසැල් සිසුන් ආපදා කළමනාකරණ ක්‍රියාවලියට දායක කර ගැනීම යන අරමුණු අරමුණු මුල් කරගෙන මෙම චිත්‍ර තරඟය සංවිධානය කෙරිණි.

ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා පාසැල් දරුදැරියන්ගේ දායකත්වය ලබාගැනීම සදහා වැඩපිළිවලක් සකස් කිරීම පිළිබදව සහ නිර්මාණාත්මක හැකියාවන් සහිත දරුදැරියන් ඒ සදහා දායක කර ගැනීමටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන බව අධ්‍යක්ෂ ජෙනරාල් ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.

ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රි ලංකා නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රියා බෙරාර්ඩෝ (Andrea Berardo) ඇතුලු ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන පාර්ෂවකාර ආයතන ප්‍රධානීන්, ජයග්‍රාහක දරුදැරියන්ගේ දෙමව්පියන් සහ චිත්‍ර විෂය භාර ගුරු මහත්ම මහත්මීන් ඇතුලු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය. 

මෙම අවස්ථාව ආවරණය කරන ලද ඡායාරුප ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළ Facebook පිටුවෙහි ඵල කර ඇත.  https://www.facebook.com/dmc.gov.lk/

 

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079