මන්නාරම, කොළඹ හරහා පොතුවිල් දක්වා ධීවර කටයුතුවලින් වළකින්න.

not to venture fishingමන්නාරම සිය කොළඹ හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වළකින්නැයි කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇත.

දිවයිනට ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට හලාවත, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි බවත් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

මේ නිසා මෙම මුහුදු කලාපය තුළ 2020 ජුලි මස 28 දින පස්වරු 4.00 සිට ජුලි 30 දහවල් 12.00 දක්වා ධිවර කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.
එසේම නාවික කටයුතු වල නිරත වන ජනතාව ඒ පිළිබද සැළකිලිමත් විය යුතු බව එම නිවේදනයේ තවදුරටත් අවධාරණය කර ඇත.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052