දිස්ත්‍රික්ක කීපයකට නායයෑම් අනතුරු පුර්ව ඇගවීම්

landslideජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහඑ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

එසේම පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර, කෑග්ල්ල දිස්ත්‍රික්ක්යේ දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නාය යාම් අවදානම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට නායයාම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු ඇගවීම් නිකුත් කරන ලදී.
විශේෂයෙන්ම වර්ෂාවත් සමග නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල්, හා දුරකථන කණු ආදිය, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපිිරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම, එක්වර ජල උල්පත්මතුවීම හෝ පෙර පැවති උල්පත් බොරවීම, අවහිරවීම හෝ නැතිවීම වැනි නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.
එසේම පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී,
පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079