දැනට පවතින වැසි තත්වය තවදුරටත්

dg met  2020කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණී.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලව දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් මෙම ප්‍රදේශවල ඇතම් විට මිලිමිටර් 200 ය ඉක්මවු වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැයට කිලෝමීර් 40 ත් 50 ත් අතර විය හැකි බවත් වර්ෂාවත් සමග සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 දක්වා වැඩිවිය හැකි බවත් පෙන්වා දුන් අතර සුළගින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමටත් අකුණු අනතරු අඩු කර ගැනීමට කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079