වර්ෂාව සමග ඇතිවිය හැකි නායයාම් අවදානම පිළිබද ජනතාව විමසිලිමත් විය යුතු යි.

DG NBROකොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හදුනාගනෙ ඇති නායයාම් අධි අවධානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ඇතිවිම හැකි නාය යාම් අවධානම පිළිබදව සැළකිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය

ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, ගම්පහ, කලුතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මහනුවර සහ නුවරඑලිය, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වල පවුල් 10,000 ක් නාය යාම් අධි අවදානම් කළාප වල ජීවත් වන බව ඒ මහතා පැවසීය.

විශේෂයෙන් නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒ පිළිබද අවධානය යොමු කරන ලෙසත් තමා ජීවත් වන නිවස ආශ්‍රිතව ජල බැස යාමට සැලැස්වීම ඉතා වැදගත් පවත් පෙන්වා දෙන ලදී.

එසේම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ අදාල අංශ ඒ පිළිබදව දැනුම් දෙන ලෙසත් ඒ මහතා තවදුරටත් පැවසීය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052