වර්ෂාව ඇතිවුව හොත් ගංගා ද්‍රෝනි කීයකට ගංවතුර අවදානම පවතී

DirectoIrrකොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.

පසුගිය කාලය තුළ පැවති වර්ෂාපතනය නිසා ගංගා පෝෂක ප්‍රදේශවල පාංශු ස්ථර ජලයෙන් සංතෘප්ත වී තිබීම සහ ගංගාවල ජල මට්ටම් සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් පැවතීම නිසා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවසී ය.

ඒ අනුව කැළණි ගඟ, කලු ගඟ, ගිං ගඟ, නිලවලා ගඟ සහ අත්තනගලු ඔය යන ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටමේ අවදානම පවතින බවත් ඊට අමතරව මී ඔය, දැදුරු ඔය, මහ ඔය, බෙන්තොට ගග කිරම ඔය සහ ඌරුබොකු ඔය යන ගංගාධාර නිරත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ජල මට්ටම් වැඩිවීමේ හැකියාවක් පවතින බවත් ඒ මහතා පැවසීය.

මේ පිළිබදව මෙම ගංගාධාරවල පහත්බිම් වල ජීවත් වන ජනතාව විමසිලිමත් විය යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදෙන නිවේදන පිළිදව අවධානය යොමු කලයුතු බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052