දිස්ත්‍රික්ක 04 කට නායයාම් අවදානම් නිවේදන තවදුරටත්

landslideපැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්  අද (23) දින තවදුරටත් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්යේ රත්නපුර, කලවාන, ඕපනායක, බලංගොඩ, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කදුකර බෑවුම් ප්‍රදේශ නායයාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, ඇලපාත, අයගම, කිරිඇල්ල, කුරුවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, අරනායක, දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව, කෑගල්ල, රඹුක්කන, මහනුවර දිස්ත්‍රික්කයේ ගඉහළ කෝරළේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවදානම කළාපවල ජීවත් වන ජනතාවට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.

 

මෙම දිස්ත්‍රික්ක වල නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

 

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

දිස්ත්‍රික්ක 04 කට නායයාම් අවදානම් නිවේදන තවදුරටත්

පැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්  අද (23) දින තවදුරටත් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

 

රත්නපුර දිස්ත්‍රික්යේ රත්නපුර, කලවාන, ඕපනායක, බලංගොඩ, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කදුකර බෑවුම් ප්‍රදේශ නායයාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

 

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, ඇලපාත, අයගම, කිරිඇල්ල, කුරුවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, අරනායක, දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව, කෑගල්ල, රඹුක්කන, මහනුවර දිස්ත්‍රික්කයේ ගඉහළ කෝරළේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවදානම කළාපවල ජීවත් වන ජනතාවට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.

 

මෙම දිස්ත්‍රික්ක වල නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

 

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079