rss

ඉදිරි දිනවලදී තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකියි.

Bad Weatherගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වය හේතුවෙන් තවදුරටත් වැසි බලාපොරොතුත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. 

පවතින කාලගුණ තත්වය හේතුවෙන් දිවයින හරහා හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති අතර දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල පළාත්වල ඇතැම් ස්ථාන වල මිලිටීටර් 200කට වඩා වැඩි  වර්ෂාපතනයක්  ඇති විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත.

එසේම දිවයිනේ සෙසු පළාත්වලටද වර්ෂාපතනය ලැබිය හැකි බවත් නැගෙනහිර, ඌව, උතුරුමැද පළාත්වටල මිලිමිටර් 100 ක පමණ වර්ෂාපතනයක්ලැබිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දන්වා ඇත. 

ඔබ ජීවත්වන ප්‍රදේශය ගංවතුර, නායයාම් වැනි ආපදා අවදානම් බහුල ප්‍රදේශයක් නම් ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව අවධාන යොමු කළ යුතුය. විශේෂයෙන්ම ගංගා ජල මට්ටමේ ක්ෂණිකව ඉහළ යා නම් හෝ ගංගාවල පිටාර මට්ටම ඉක්මවා ගංවතුර අවධානමක් ඇති වේ නම් ඒ පිළිබදව සැළකිල්ලක් දක්වන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

විශේෂයෙන්ම නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ පිළිබදව සැළකිලිමත් විය යුතුය. පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වාටවල්, හා දුරකථන කුලුණු ආදිය, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපිිරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම, එක්වර ජල උල්පත්මතුවීම හෝ පෙරපැවති උල්පත් බොරවීම අවහිරවීම හෝ නැතිවීම වැනි නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

ජනතාවට පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව විමසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

 

 

තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකියි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වය හේතුවෙන් තවදුරටත් වැසි බලාපොරොතුත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් දිවයින හරහා හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති අතර දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල පළාත්වල ඇතැම් ස්ථාන වල මිලිටීටර් 200කට වඩා වැඩි  වර්ෂාපතනයක්  ඇති විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත.

එසේම දිවයිනේ සෙසු පළාත්වලටද වර්ෂාපතනය ලැබිය හැකි බවත් නැගෙනහිර, ඌව, උතුරුමැද පළාත්වටල මිලිමිටර් 100 ක පමණ වර්ෂාපතනයක්ලැබිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දන්වා ඇත.

ඔබ ජීවත්වන ප්‍රදේශය ගංවතුර, නායයාම් වැනි ආපදා අවදානම් බහුල ප්‍රදේශයක් නම් ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව අවධාන යොමු කළ යුතුය. විශේෂයෙන්ම ගංගා ජල මට්ටමේ ක්ෂණිකව ඉහළ යා නම් හෝ ගංගාවල පිටාර මට්ටම ඉක්මවා ගංවතුර අවධානමක් ඇති වේ නම් ඒ පිළිබදව සැළකිල්ලක් දක්වන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

විශේෂයෙන්ම නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ පිළිබදව සැළකිලිමත් විය යුතුය. පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වාටවල්, හා දුරකථන කුලුණු ආදිය, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපිිරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම, එක්වර ජල උල්පත්මතුවීම හෝ පෙරපැවති උල්පත් බොරවීම අවහිරවීම හෝ නැතිවීම වැනි නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

ජනතාවට පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව විමසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079