අකුණු අනතුරු අවම කර ගැනීමට කටයුතු කරමු.

lightingවයඹ, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතිත බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

එසේම අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වලට අකුණු අනතරු පිළිබද තරමක අවදානමක් පවතින බවත් යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සදහා ද අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති විමේ අවනදානමක් පවතින බවත් මෙම නිවේදනයේ සදහන් වේ.

අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එලිමහනේ හෝ ගස්යට නොසිටින ලෙසත් ආරක්ෂිත ස්ථානයක රැදී සිටින ලෙසත් නිවේදනයේ සදහන් වේ. එසේම ජනතාව පුර්ව අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් අනුගමනය කිරීමටත් යම් හදිසි තත්වයක දී ඔබ ජීවත් වන දිස්ත්‍රික්යේ ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය හෝ 117 දුරකථන අංකය මගින් ආපදා කමනාකරණ මධ්‍යස්ථානය අමතන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052