හදිසි අනතුරු ඇඟවීම්

rss

පුත්තලම දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්වය නිසා නිවාස  රැසකට හානි

Puttalama Wind 2020
අද දින පුත්තලම දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්වය නිසා නිවාස 1083 කට පමණ හානි සිදුවී ඇත. හානියෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් අදාල හානි තක්සේරු මේ වන විටත් කටයුතු සිදුකරමින් පවතී.


මෙම ආපදා තත්වය නිසා කරුවලගස්වැව(194), නවගත්තේගම(492), ආනමඩුව(377), වනාතවිල්ලුව(16), පුත්තලම(02) සහ මහකුඹුක්කඩවල(02) යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල නිවාස හානියට පත්වී ඇත. එසේම මෙම සුළං තත්වය නිසා සුලු හා මධ්‍යපරිමාන ව්‍යාපාරික ස්ථාන 125 කට හානි සිදුවී ඇති බව වාර්තා වී ඇත. එසේම මෙම ප්‍රදේශවල යටිතල පහසුකම්වලට ද යම් බල පෑමක් සිදුවී ඇති බැවින් එදි නෙදා ජන ජීවිතවලය යම් බලපෑමක් එල්ල වී ඇත.
මෙම තත්වය නිසා ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සදහා ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය විසින් රුපියල් මිලියන 5.2 ක පමණ මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති අතර හානි තක්සේරු කිරීමෙන් අනතුරුව ජාතික රක්ෂණ භාරකාර අරමුදල මගින් අදාල හානි පුර්ණය කරනු ඇත.
මෙම ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් ලබාදීම සදහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් සමග අදාල අංශ සම්බන්ධීකරණය සිදු කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය වෙත අවශ්‍ය උපදෙස් ලබාදීමට අපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කටයුතු කරන ලදී.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052