ආපදා අවදානම් කළමනාකරණය පිළිබද දීප ව්‍යාප්ත චිත්‍ර තරගාවලිය

art competition

පාසල් සිසුන් තුළ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ දැනුම අවබෝධය වැඩිදියුණු කිරිම සහ ආපදා අවදානම කළමනාකරණ ක්‍රියාවලියට පාසල් සිසුන්ගේ දායකත්වය ලබා ගැනිම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියේ අවසන් අදියරයේ තරඟ ඊයේ (09) දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණි.

 ආපදා කළමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව හා ඵලදායී කිරීමට පර්යේෂණාත්මක විද්‍යාත්මක දැනුම මෙන්ම නවීන තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන ජාතික හා ජාත්‍යන්තර සංවිධාන ඒකාබද්ධව තෙදින ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කොළඹ දී පැවැත්වීමට සංවිධානය කෙරිනි. මෙම සම්මන්ත්‍රණයට සමගාමිව ළමා පරපුර තුළ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ දැනුම හා අවබෝධය වැඩි දියුණූ කිරීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් මෙම චිත්‍ර තරගය සංවිධානය කරන ලදී.

ආපදා අවදානම් නිර්මාණය කරන සාධක පිළිබඳ අවබෝධය හා දැනුම ලබා දීම, ආපදා අවදානම් කළමනාකරණ උපායමාර්ග පිළිබඳ දැනුම හා අවබෝධය ලබා දීම, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුම ආකල්ප කුසලතා ප්‍රවර්ධනය කිරීම, ආපදා කළමනාකරණ ක්‍රියාවලියට දායක කර ගැනීම සහ සිසුන්ගේ කුසලතා ප්‍රවර්ධනය කිරීම යන අරමුණු අරමුණූ මුල් කරගෙන මෙම චිත්‍ර තරඟය සංවිධානය කෙරිණි.

අදියර දෙකක් යටතේ පැවති මෙම දීප ව්‍යාප්ත චිත්‍ර නිර්මාණ තරගාවලිය සෞන්දර්ය විශ්වවිද්‍යාලය, ජාතික අධ්‍යාපන ආයතනයේ සෞන්දර්ය දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශය හා විෂය සමගාමී අංශය සහ ආපදා කළමනාරකණ මධ්‍යස්ථානයේ පුර්ණ අධීක්ෂණය යටතේ පැවැත් විණි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසැල් කටයුතු පිළිබද අතිරේක ලේකම් ආර්. එම්. එන් රත්නායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුලු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

 මෙම චිත්‍ර තරගයේ විශේෂ අවස්ථා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළ facebook පිටුවෙහි ඵල කර ඇත.

 https://www.facebook.com/media/set/edit/a.1652786668210384/

 

 

 

 

 

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079