බම්බලපිටිය ප්‍රදේශයේ ඇතිවු ගින්න පාලනය කිරීමට පියවර

IMG-20200228-WA0008අද පස්වරුවේ (28) බම්බලපිටිය, ආර්.ඒ ද මෙල් මාවතේ පිහිටි ඉදිකිරීම් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ගිණිනිවීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් මෙම ගිනිගැනීම මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදී.

කොළඹ තදාසන්න ප්‍රදේශයක පැවති මෙම ගින්න ව්‍යාප්තවීම තුළින් ඇතිවිය හැකි හානිය අවම කරගැනීම සදහා ක්ෂණිකව ක්‍රියාත්මක වු ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සහ හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා ද මෙම ගින්න පැවති ස්ථානය නිරීක්ෂණය කරමින් තත්වය පාලනය කිරීම සදහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079