அவசர எச்சரிக்கைகள்

rss

සුනාම් පිළිබද කටකථා අසත්‍යයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන්න.

tsunami3ඉන්දියානු සාගර කලාපයේ ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් උතුරු අක්ශාංශ අංශක 8 කලා 14 ත් නැගෙනහිර දේශාංශ අංශක 83 කලා 48 ත් අතර ප්‍රදේශයේ රික්ටර් මාපක අංක 5.4 ක භූකම්පනයක් සිදුවී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී. මෙරට වේලාවෙන් පෙරවරු 2.34 ට සිදුවු මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු තත්වයක් පිළිබද අවදානමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

මෙම භූ කම්පනයෙන් පසු මෙම කලාපය තුළ කිසිදු පසු කම්පන තත්වයක් වාර්තා නොවු අතර භූ කම්පන සහ සුනාමි ව්‍යසන පිළිබද නිරීක්ෂණ ආයතන මෙම කලාපයේ භූ කම්පන සිදුවීම පිළිබදව අවධානයෙන් පසු වේ.  එවැනි පසු කම්පන තතවයක් වාර්තා වන්නේ නම් ඒ පිළිබද මහ ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධයස්ථානය කටයුතු කරනු ලැබේ

මේ නිසා සුනාමි අනතරු පිළිබදව කටකථා විශ්වාස නොකරන ලෙසත් තාක්ෂණික ආයතන හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලබන නිවේදනවලට අනුව කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ පිළිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052