නව කොරෝනා වෛරස් රෝගය චීනය තුළ තවදුරටත් ඉහළට. ලෝක සෞඛ්‍ය සංවිධානය

Corona - 02-09කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (08) නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 34,886 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 3,419 ක් වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. පෙබරවාරී 07 දින නිකුත් කරන ලද තත්ව වාර්තාවට සාපේක්ෂව රෝගය ව්‍යප්තවීමේ ප්‍රවනතාව සළකා බැලීමේ දී 10.8% ක් දක්වා යම් අඩු වීමක් වාර්තා වී ඇත. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 34,598 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත‍. නව නව කොරෝනා ව්‍යාප්තිය සළකා බලනවිට 99.23% ප්‍රමාණයකි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.8% තරම් අඩු අගයක් වේ. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 6,101 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 723 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

එසේම වර්තමානය වන විට ලොව පුරා රටවල් 25 ක කොරෝනා වෛරස් රෝගය වැළදුන රෝගීන් වාර්තා වී ඇති බව එම වාර්තාවේ දක්වා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අනුව රෝග අවදානම පිළිබද සළකා බැලීමේ දී චීනය ඉතා ඉහළ අවදානම් මට්මක පවතින අතර කළාපීය සහ ගෝලීය වශයෙන් කොරෝනා නව වෛරස් රෝග අවදානම තවදුරටත් ඉහළ මට්ටම පවතින බව එම වාර්තාවේ සදහන් කර ඇත. මේ පිළිබද වැඩි විස්තර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති තත්ව වාර්තාව

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052