Emergency Warnings

rss

 

 

ජාතික සුරක්ෂිත දින ආපදාවලින් මිය ගිය පිරිස සිහිපත් කෙරේ.

SafteyDay 2019 12019 වර්ෂයේ ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සර්ව ආගමික වතාවත් ඉටු කිරීම දිවයින පුරා සංවිධානය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. ජාතික සුරක්ෂිතා දිනයට සමගාමීව සුනාමි ආපදාවෙන් සහ වෙනත් ආපදා වලින් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීමේ සර්ව ආගමික වැඩසටහනක් අද දින (26) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විය. එසේම පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා නිශ්ශබ්දතාව රකිමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සිදු කරන ලදී
ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී ජාතික සුරත්ෂිතා දින ප්‍රධාන වැඩසටහන පැවැත්වූ අතර සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රික කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු කරන ලදී.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර ඇත. එදින කේන්ද්‍ර කරගනිමින් සෑම වර්ෂයකම දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරේ.
ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාරකණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පොලිස් නාවික ජීවිතාරක්ෂක සහ ආපදා කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඇතුලු ආමත්‍යාංශය යටතේ ඇති ආයතන වල සේවය කරන නිළධාරීන් ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ පැවති ජාතික සුරක්ෂිත දිනය සර්ව ආගමික වැඩසටහන සදහා අවස්ථාට සහභාගී විය.

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079