සුනාමිනයන් මිය ගිය ජනතාව සිහිපත් කර දෙසැම්බර් 26 දින පෙරවරු 9.25 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රකින්න

Safety day 2019 new 02 3x1.5  සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා සියලු අමාත්‍යාංශ, රජයේ ආයතනයන මෙන්ම මහජනතාව 2019.12.26 වන දින පෙරවරු 9.25 පෙරවරු 9.27 දක්වා කාලය තුළ විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර ඇත. එදින කේන්ද්‍ර කරගනිමින් සෑම වර්ෂයකම දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරේ.

මෙවර සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු සැලසුම් කර ඇති අතර ජාතික සුරක්ෂිතා දින ප්‍රධාන ආගමික උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 26 පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වේ. 

 

 

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052