අවදානම් නිවේදන අනුව කටයුතු කරන්න

dr Asiri  pressපැවති අධික වර්ෂාව හේතුවෙන් කදු බැවුම් අස්ථාවර වීමට වැඩි ප්‍රවණතාවක් දක්වන බැවින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වල්ලාවිට, මතුගම, අගලවත්ත යන ප්‍රාදේශිය ලේකම් කොධ්ධාශසවලට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදූව සහ බද්දේගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව එම ප්‍රෙද්ශවල නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ඉවත් විය යුතු බවට අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය .


එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයත් මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල නායයාම් අවදානම් කලාප සදහා ප්‍රදේශවලට ඉවත්වීමට සූදානම් වීමේ නියෝග නිකුත් කර ඇත. තවද බොර වතුර මතුවීම, ගස් ඇලවීම, භුමිය ඉරිතැලීම් වැනි නායයාම් පුර්ව ලක්ෂණ දැකිය හැකි වුවහොත් ඒ ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසද දන්වා සිටින ලදී.
රාජ්‍යපරිපාලන සහ ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත නායයාම් ආපදා අවදානම් ප්‍රදේශවල ජනතාව එම කලාප වලින් ඉවත් කිරීම සදහා නිවාස ලබාදීමේ වැඩපිලිවල ක්‍රියාත්මක කර ඇති බවත් එය කඩිනම් කර නිවාස ලබාදීමට කටයුතු කරන බවත් මෙහි දී දන්වා සිටින ලදී.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052