දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය වැඩීවීමක්

Bad Weatherදිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දකුණු, සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 150 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත්, අධික වර්ෂාව නිසා ඇතිවිය හැකි ක්ෂණික ගංවතුර තත්වයන් සහ නායයාම් තත්වයන් නිසා ඇතිවිය හැකි අවධානම පිළිබදව සැළකිලිමත් වන ලෙසත් ඒ සදහා පුර්ව සුදානම් පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ පිලිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇති නිවේදනය

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079