Emergency Warnings

rss

මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කළාපයේ ධීවර කටයුතු වලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

fishing-boaතද සුළං සහ රළු මුහුදු ස්භාවය නිසා මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කළාපයේ ධීවර කටයුතු වලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) දින නිවේදනය කර ඇත. මෙම කලාප 
සදහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබදව පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ජූලි මස 17 වන දින සිට 20 දින දක්වා මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 70-80 දක්වා වු තද සුළං ඇතිවිය හැකි බව බව නිවේදනයේ සදහන් වේ. මේ නිසා මෙම මුහුදු කළාපයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ධීවර ප්‍රජාවට අවවාද කර ඇත. එසේම මෙම මුහුදු කලාපයේ නාවුක කටයුතු වල යෙදෙන පිරිස ඒ පිළිබදව දැඩි අවධාදයෙන් යුතුව කටයුතු කරන මෙන් එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.

මේ පිළිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079