රදමටයඑවායුගෝලීය ආර්ද්‍රතාවය සහ උණුසුම් කාලගුණික තත්වය ගණනය කිරීමෙන් සාදනු ලබන උණුසුම් දර්ශකයට අනුව මේ දින වල බොහෝ දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවට ඉහළඋෂ්ණත්වයෙන් බලපෑම් ඇති වෙතැයි කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මේ හේතුවෙන් ගතයුතු පියවරයන් සම්බන්ධවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.උණුසුම් කාලගුණ තත්වය නිසා ඇතිවිය හැකි ශාරීරික අපහසුතා මග හැර ගැනීමට හා වැළදිය හැකි රෝගාබාධ වලින් මිදීමට අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

 

අධික උෂ්ණදර්ශකය (oC)

අනතුරු ඇඟවීම් මට්ටම

27 – 32

අවධානය

  • වැඩි වේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නිරතුවීම තුළින් ත‍ෙහෙට්ටු තත්වයක් ඇති විය හැක.
  • තව දුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු පෙරළීම(heat cramps) ඇති විය හැක.

32  - 41

වැඩි අවධානය

  • විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරළීම (heatසහ අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (heatඇති විය හැක.
  • තව දුරටත් ක්‍රියාකාරකම් වල නිරතවීම තුළින් ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇති වන ආඝාත තත්ත්වය (heat stroke) ඇති විය හැක.

41–54

 

අනතුරුදායකයි

  • විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම (heatසහ අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (heatඇති විය හැක.
  • තව දුරටත් ක්‍රියාකාරකම් වල නිරතවීම තුළින් ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇති වන ආඝාත තත්ත්වය (heat stroke) ඇතිවීමේ හැකියාව ඉතා ඉහළයි.

54 ට ඉහළ

ඉතා අනතුරුදායකයි

  • ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇති වන ආඝාත තත්ත්වය (heat stroke) ඇතිවීමේ හැකියාව ඉතා ඉහළයි.

ක්‍රියාකළ යුතු ආකාරය

වැඩ බිම් තුළ

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේක ගන්න.

නිවස තුළ

වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිලිබඳ සැලකිලිමත් වන්න.

වාහන තුළ

කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා නොයන්න.

එළිමහනේ

අධික වෙහසකාරී කටුයුතු සීමා කරන්න. සෙවණ ඇති ස්ථාන වල රැඳෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

ඇඳුම්

සැහැල්ලු සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිතා කරන්න.

උණුසුම් දර්ශකය(Heat Index) අනුව මිනිස් ශරීර සෞඛය තත්වයට විය හැකි බලපෑම ඉහත වගුවේ දක්වාඇත. මෙයසෞඛයපෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහයෝගය හා උපදෙස් අනුව සකසා ඇත.

මීට අමතරව සෞඛ්‍යපෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මඟින් මේ පිළිබඳව නිකුත් කරන නිවේදන පිලිබඳ අවධානය යොමු කරන්න. වැඩි විස්තර සඳහා 011-2675303දුරකථන අංකය මඟින් පාරිසරික සහ වෘත්තීයසෞඛ්‍ය අධ්‍යක්ෂ අමතන්න.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079