දිවයිනට බටහිරින් ස්ථාපිත වී ඇති වලාකුළු නිසා සුළං තත්වක්.
Weather 2019-06-13දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්වය ඉදිරි දින කීපයේ දී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව දි උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය, මාතලේ යන දිස්ත්‍රික්ක වලත් විටින් විට පැයට කිලෝමීටර් 60 ක පමණ තද සුළං ඇතිවිය හැක.
දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවත් සුළං වේගය පැයට කිලෝමීටර් 70 -80 දක්වා වැඩිවිය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සහ දිවයින වඩා මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝමීටර 50 ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් නිවේදනයේ සදහන් කර ඇත.
මෙම මුහුදු කලාපයේ නාවික සහ ධීවර කටයුතු වල යෙදෙන ප්‍රජාව මේ පිළිබදව ඉති අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. යම් අපදා තොරතුරක් හෝ මේ පිළිබද විමසීමක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරි අංක 117 අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079