නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.

2019 monsoon preparedness meeting නිරිත දිග මෝස්ම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා සහ හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබදව පාර්ෂවකාර ආයතන දැනුවත් කිරීම රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අද දින (21) පැවැත්විණි. 

මැයි මස අවසන් සතිය තුළ නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. එබැවින් පසුගිය තෙවසරක කාලය තුළ නිරිත දිග මෝසම් වර්ෂාව නිසා සිදුවූ ආපදා තත්වය සහ හානි පිළිබදව අවධානය යොමු කරමින් 2019 වර්ෂයේ දී නිරිත දිග මෝස්ම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීම සදහා පාර්ෂව කාර ආයතන වල පුර්ව සුදානම පිළිබදව සොයාබැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම අවම කරගැනීම සදහා අවශ්‍ය පුර්ව සැලසුම් සකස් කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණ විය. 

නිරිත දිග මෝසම් සක්‍රීයවීම නිසා ඇතිවිය හැකි ආපදා අවදානම අවම කිරීම සදහා තාක්ෂණික ආයතන විසින් ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග සහ සැළසුම් පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කරන ලදී. මෝසම් වර්ෂාව සමග ඇතිවිය හැකි ගංවතුර ආපදාව පිළිබදව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නාය යාම් ආපදා අවදානම් පිළිබදව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ද, ආපදාවක දී සහන සැලසීම පිළිබදව අනුගමනය කර ඇති ක්‍රමවේද පිළිබදව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් ද ආපදා පෙරසුදානම් බව, හදිසි මෙහෙයුම් සැලසුම් පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ද කරුනු ඉදිරිපත් කරන ලදී.
රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්. ඒ ධර්මසිරි, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය ඇතුලු විදේශීය නියෝජිත ආයතන නියෝජනය කරමින් නියෝජිතයින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා යුධ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ඇතුලු ත්‍රිවිධ හමුදා සහ පොලිස් දෙපාර්තමේන්තු නියෝජිතයින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය ඇතුලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයින් මේ අවස්ථාවට සහභාගී විය.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052