press 26 met dgදිවයිනට ගිණිකොණ දිශාවෙන් පොතුවිල්වල සිට කිලෝමිටර 1150 දුරින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වි ඇති බවත් එය සුලිකුණාටුවක් බවටත් වර්ධනයවීමේ හැකියාවක් ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතුල කරුණාරත්න මහතා සදහන් කරයි. ඒනිසා අපරභාගයේදි හෝ සන්ධ්‍යකාලයේදි වැසි සහිත තත්වයක් අද සහ හෙට දිනයේදි පැවතිය ද අප්‍රේල් මස 28, 29 හා 30 දින වල සිට මේ තත්වය වෙනස්වන බව ඒ මහතා පෙන්වා දේ.

මෙම අඩු පීඩන කලාපය නිසා සුළං රටාව වෙනස් වීමක් මෙන්ම විශේෂයෙන් නිරිත දිග මෝසම් කාලයේ මෙන් උදේ කාලයේ අදුරු ස්වභාවයක් පවතින බවත් මෙම කාලසිමාව තුල දිවයිනේ නිරිත, උතුරු හා උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පලාත්වල මිලි මිටර් 150 ඉක්මවිය හැකි අවස්ථා ඇතිවිය හැකි බවත් එමෙන්ම සුලං ධාරා පැයට කිලෝමීයර් 50 ත් 60 අතර වේගයෙන් සමහර අවස්ථාවල හමායන බවත් පැවසීය.

වැඩිදුරටත් සදහන් කර සිටියේ දිවයිනේ බස්නාහිර, සඔරගමුව, දකුණ, වයඹ, නැගෙනහිර පලාත්වල වැසි තත්වයක් වර්ධනය වන අතර කඩින් කඩ වැසි, තද සුළං ඇතිවන බවත් පෙන්වා දෙන ලදී එසේම ඉදිරි දිනවල හම්බන්තොට සිට යාපනය දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික ප්‍රජාව ධීවර සහ නාවුක කටයුතුවල නිරත නොවන ලෙසත් දන්වා සිටියේය.

මේ පිලිබදව නිරන්තරයෙන් ජනමාධ්‍ය හරහා දැනුවත් කරන බැවින් මේ පිළිබද අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079