Stekeholder Meetingනිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමටත් හැකියාවක් පවතින බවත් අප්‍රේල් මස 27 දින සිට මැයි මස 03 දින දක්වා මෙහි බලපෑම නිසා අයහපත් කාලගුණික තත්වයක් නිර්මාණය වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ පිළිබදව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද දින (26) රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාරණ අමාත්‍ය ගරු රජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමාගේ ප්‍රදානත්වයෙන් ආපදා කළමනාකරණ අමත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.


මෙම පීඩන අවපාතය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ගමන් කරනු ඇති බවත් මෙි නිසා ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග, නැගෙනහිර සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වෙිගය පැයට කිලොමීටර් 70 ක් 80 ක් දක්වා වැඩිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළුවිය හැකිය. එසේම දකුණු, සබරගමුව, වයඹ, උතුරුමැද, නැගෙනහිර සහ උතුරු පළාත්වලට සහ මිලි මීටර් 150ට අධික වැසි බලාපොරොත්තු විය හැක. දකුණු, සබරගමුව, වයඹ, උතුරුමැද, නැගෙනහිර සහ උතුරු පළාත්වල ගංවතුර අවදානමක් ඇතිවිය හැකිය. අධික වැසි නිසා නායයාමේ අවධානමක් ඇති ප්‍රදේශවල නාය යාම් ඇතිවිය හැකිය. ඒසේම මෙම පීඩන අවපාතය නිසා නැගෙනහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ උතුරු පළාත්වල ගොඩබිම් ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බැවින් සෑම ආයතනයක් ම ඒ පිළිබදව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාරණ අමාත්‍යතුමා උපදෙස් ලබාදෙන ලදී.
එසේම ඇතිවිය හැකි ඕනෑම ආපදාතත්වයකට ප්‍රතිචාර දැක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් කර ඇති බවත් සෑම දිස්ත්‍රික්කයකටම හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බවත් හදිසි ආපදා තත්වයක දී අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සදහා ත්‍රිවිද හමුදාව, පොලීසිය දැනුවත් කර තිබෙන බවත් ආපදා අවදානම් ප්‍රදේශවලට සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් සහ උපකරණ ස්ථාන ගත කිරීම සිදු කර ඇති බවත් අනාවරණය විය. එසේම ධිවර දෙපාර්තමේන්තුව විසින් දැනටමත් අවධානම් සහිත ප්‍රදේශවල ගැඹුරු මුහුදු කළාපයේ ධීවර සහ නාවික කටයුතු වලින් වැළකිසිටින ලෙස එම ප්‍රජාවන් දැනුවත් කර ඇත.
රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාරණ අමාත්‍යාංශ ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ධීවර කටයුතු දෙපාර්තමේන්තුව, ත්‍රිවිද හමුදාව, පොලීසිය, ජාතික ආපදා සහන සේවා දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජිතයින් මේ අවස්ථාවට සම්බන්ධ විය.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052