Bad weather bay of bengolඅප්‍රේල් මස 25 වන දින වන විට සමකය ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
ඇතිවිය හැකි ව්‍යයසන තත්වයන් පිළිබදව ජනතාව සැළකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණ නිවේදන පිළිබදව අවධානය යොමුකරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් සහ ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

ගිණිකොණ දිග මුහුදු ප්‍රදේශයේ තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමිටර් 70 සිට 80 දක්වා ඉහළ යාමට හැකි ඉඩ ඇත. එසේම එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවිය හැකි බවත් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.

මේ පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කාලගුණ නිවේදනය.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079