Bad Weatherසබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පසු වැසි සමග ප්‍රබල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.

මේ නිසා අකුණු සහ ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල පහත ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට පියවර ගන්නා ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.
එලිමහනේ හෝ ගස් යට සිටීමෙන් වැළකීම. විවෘත ස්ථානයක සිටී නම් ආරක්ෂික ගොඩනැගිල්ලකට හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටීමට කටයුතු කිරීම. කුඹුරු, තේවතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථාන වල රැදී නොසිටීම සහ එවැනි ස්ථානයක යම් කාර්යයක නිරත වී සිටී නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට යාම. රැහැන් සහිත දුරකථන, විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම. බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළකීම. තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් විදුලි රැහැන් කඩා වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව සැළකිලිමත් වීම
එසේම යම් හදිසි අවශ්‍යතාවක දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 කෙටි දුරකථන අංකයට ඇමතුමක් ලබා දී දැනුවත් කරන්න.
එසේ නැතහොත් ඔබගේ දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ නිළධාරීන්ගේ සහය ලබා ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079