gV4ke9akකොළඹ ප්‍රධාන හෝටල් තුනක් වන සිනමන් ග්‍රැන්ඩ්,සැන්ග්‍රිලා,කිංස්බරි යන හෝටල් තුළ සහ කටාන,කොච්චිකඩේ සහ මඩකළපුව ප්‍රදේශවල දේවස්ථාන තුනකත් පිපිරීම් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග මගින් තහවුරු විය. තුවාලකරුවන් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතරපිපිරීම හේතුවෙන් පුද්ගල මරණයට පත්වීම් ද වාර්තා වේ.

මෙම සංවේදී අවස්ථාවේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සදහා මහජනතාව ගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටී.එසේම මෙම සිද්ධීන් සම්බන්ධව විවිධ ප්‍රචාර වලට කලබලයට පත් නොවී සන්සුන්ව කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052