2019.04.05 pressසාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීමත් නියං තත්වයක් වර්ධනයවීමත් හේතුවෙන් පානීය ජලය ලබා ගැනීම, බල ශක්ති අර්බුදයක් පැන නැගීම මෙන්ම වනාත්තර ගිණිගැනීම වැනි ව්‍යයසන තත්වයන් වාර්තා වී ඇති බව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී. අමාත්‍යතුමා මේ බව පැවසුවේ පවතින ආපදා තත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අද දින (05) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
ආපදා සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අංක 117 මෙත ඇමතුමක් ලබා දී ඒ පිිළිබදව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ද ඉල්ලා සිටින ලදී. එසේම ඔබගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම සදහා සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සමග ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුලු සියලු අංශ ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලක් සකස් කර ඇති බව පෙන්වා දෙන ලදී.


දැනටමත් අම්පාර, යාපනය, වව්නියාව, පොලොන්නරුව, කුරුණෑගල, කලුතර, මහනුවර, මාතලේ, මාතර, ගම්පහ, පුත්තලම, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 13 කට බවුසර් මගින් ජලය බෙදාදීමට කටයුතු කරන බවත් හදිසි ආපදා අරමුදලට අමතරව පානිය ජලය බෙදා දීමට අවශ්‍ය මුදල් මේ වන විටත් එම දිස්ත්‍රික්ක වෙත ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යතුමා පෙන්වාදෙන ලදී. එසේම මේ වන විට දිවියින පුරා අවශ්‍යතාවය මත ප්‍රයෝජනයට ගැනීම සදහා ජල බවුසර් 207 ක් බෙදා දී ඇති බවත් කලු ගංගාවේ ජලයට මුහුදු ජලය මිශ්‍රවීම නිසා කලුතර දිස්ත්‍රික්යේ ඇතිවී ඇති ජල ගැටලුවට පිළියමක් වශයෙන් ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලීසිය එක්ව ජලය බෙදා දීමට කටයුතු කරන බවත් දන්වා සිටින ලදී.
එසේම පවතින නියං කාලගුණික තත්වය හේතුවෙන් කැලෑ ගිණි ගැනීම් විශාල වශයෙන් වාර්තා වන බවත් එය පසුගිය වර්ෂවලට සාපේක්ෂව ඉතා සීග්‍රයෙන් මේ වර්ෂයේ දී වර්ධනය වී ඇති බවත් පෙන්වා දෙන ලදී. 2017 වර්ෂය පුරා වාර්තා වී ඇත්තේ ගිනී ගැනීම් 57 ක් වුවත් 2019 වර්ෂයේ අප්‍රේල් මාසය වනවිට ගිණිගැනීම් 50 ක් වාර්තාවී ඇති බව අමාත්‍යතුමා තවදුරටත් පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම කැලෑ පනතට අනුව වනාන්තරයකට යාම පවා සීමා කර ඇති නීතිරීති පැවතියත් මෙවැනි තත්වයක් වාර්තා වන බව පෙන්වා දුන් අමාත්‍යතුමා වනාත්තර ගිණිතැබීම වළක්වාගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමට වඩාත් සුදුසුම ක්‍රමවේදය බවත් වනාන්තර ගිණි තැබීමෙන් වළකින ලෙස ද ජනතාව ඉල්ලා සිටින ලදී.
රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබිලිව්. ඒ. ධර්මසිරි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක ඇතුලු සෞඛ්‍ය, පෝෂණ සහ දේසීය වෛද්‍ය අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගිණි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය, ත්‍රිවිද හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වල නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079