Emergency Warnings

rss

 

Mathin nidahas ratakඅතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම වැඩසටහන යටතේ රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය අද (04) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී මතින් නිදහස් රටක් බිහිකිරීම සදහා කැපවන බවට දිවුරා ප්‍රතිඥා ලබා දෙන ලදී.

මීට සමගාමීව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයයේ නිළධාරීන් සම්බන්ධ කරගනිමින් මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහනක් ද සංවිධානය කෙරිණි.

රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු සහ ආචාර්ය එස්.අමලනාදන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්. ඒ ධර්මසිරි ඇතුලු අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල සියලු නිළධාරීන් මෙම අවස්ථාවට සහබාගී විය.

මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම

නිර්මල වු ජාතික සංස්කෘතික අනන්‍යතාවයෙන් හෙබි
අපගේ මාතෘභූමිය
පෙර සිට දෙස් විදෙස් හි අප්‍රමාණ ගෞරවයට, සත්කාරයට පාත්‍ර වෙමින්
දැයේ සුවහසක් ජනතා අපේක්ෂාවන් යථාර්තයක් බවට පත් වෙමින් පවතින යුගයක
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම
දරුණු වසංගතයක් බඳුව පැතිරෙමින්, දේශය ගොදුරු කරගනිමින් පවතී.
වර්තමානයේ දේශයේ ගම් නියම්ගම් සිසාරා දස දිග පැතිරී යන
මෙම ව්‍යසනය
ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ අනාගත සුරක්ෂිතතාව ද අදුරු කරමින්,
සමස්ත ජන ජීවිතය ද පීඩනයට පත්කරමින්
හිස ඔසවමින් සිටින බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි.
මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුම කරදීම වෙනුවෙන්
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමෙහිලා
මා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවටත්,
මේ වන විට එයට ගොදුරුවී සිටින/ නොසිටින
මාගේ ඥාතීන් ද හිතමිත්‍රාදීන් ද
මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමට පියවර ගන්නා බවටත්,
සමස්ත ශ්‍රී ලාංකික සහෘද ප්‍රජාව මතින් නිදහස් කරගැනීම වෙනුවෙන්
මෙයින් මාවෙත පැවරෙන උත්කෘෂ්ට වු සාමුහික කාරයභාරය
උපරිම කැපවීමෙන් හා අවංකභාවයෙන් යුතුව
සපුරා ඉටුකරන බවටත්
අධිෂ්ඨාන පෙරදැරිව
ප්‍රතිඥා දෙමි/ දිවුරුම් දෙමි.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079