National Safety Day 2018ජාතික සුරක්ෂිතා දිනයට සමගාමීව සුනාමි ආපදාවෙන් සහ වෙනත් ආපදා වලින් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීමේ සර්ව ආගමික වැඩසටහනක් 2018 දෙසැම්බර් 26 දින අද දින රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ බිම් මහලේ දී පැවැත්විය. 

ලාංකිකයන් වන අපට සුනාමි යන වචනය අසන්නට ලැබුනේ ද සුනාමි ව්‍යසනයෙන් ලද අමිහිරි අත්දැකීම් වලින් පසුවය. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.58 ට සුමාත්‍රා දුපත් ආසන්නයේ සිදුවූ භුමි කම්පාව රික්ටර් පරිමාණ 9.0 ඉක්ම විය. හය එතෙක් ලොව වාර්තා වු තෙවනි විශාලතම භූමි කම්පාව විය. උදෑසන 8.30 ට නැගෙනහිර වෙරළට සුනාමි රළ ලගා විය. දිස්තික්ක 14 ක සුනාමි ආපදාවට මුහුණ දුන් අතර ජීවිත 35,000 ක් අහිමි කර ඇත. කාන්තා, පුරුෂ, ළමා, තරුණ, වැඩිහිඩි සියල්ලම ජාති, ආගම් හෝ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සුනාමි ආපදාවට බිලිවිය.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර කෙරිනි. ඒ අනුව වාර්ෂිකව දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරේ.
මෙවර සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු කරන ලදී.
ජාතික සුරක්ෂිතා දින ජාතික උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 26 පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්විය.
රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම්, ආපදා කළමනාරකණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුලු ආමත්‍යාංශය යටතේ ඇති ආයතන වල සේවය කරන නිළධාරීන් මේ අවස්ථාට සහභාගී විය.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052