Safety day 2018ලාංකිකයන් වන අපට සුනාමි යන වචනය අසන්නට ලැබුනේ ද සුනාමි ව්‍යසනයෙන් ලද අමිහිරි අත්දැකීම් වලින් පසුවය. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.58 ට සුමාත්‍රා දුපත් ආසන්නයේ සිදුවූ භුමි කම්පාව රික්ටර් පරිමාණ 9.0 ඉක්ම විය. හය එතෙක් ලොව වාර්තා වු තෙවනි විශාලතම භූමි කම්පාව විය. උදෑසන 8.30 ට නැගෙනහිර වෙරළට සුනාමි රළ ලගා විය. දිස්තික්ක 14 ක සුනාමි ආපදාවට මුහුණ දුන් අතර ජීවිත 35,000 ක් අහිමි කර ඇත. කාන්තා, පුරුෂ, ළමා, තරුණ, වැඩිහිඩි සියල්ලම ජාති, ආගම් හෝ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සුනාමි ආපදාවට බිලිවිය.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර කෙරිනි. ඒ අනුව වාර්ෂිකව දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරේ.


මෙවර සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු කෙරේ.
ජාතික සුරක්ෂිතා දින ජාතික උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 26 පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වේ.
සියලු අමාත්‍යාංශ සහ රජයේ ආයතනයනවල 2018.12.26 වන දින පෙරවරු 9.25 පෙරවරු 9.27 දක්වා කාලය තුළ විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකීමට හා විවිධ ආපදාවන්ගෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සෙත් පතා ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052