Emergency Warnings

rss

 

Exam 2026  10නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම තුළ මේ දිනවල මධ්‍යම පළාත ඇතුලු දිවයිනේ නිරිතදිග කොටසෙහි පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ඇති වී ඇති ආපදා අවදානම් තත්ත්වයන් කළමනාකරණය කරගනිමින් මෙවර (2026) උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් පහවසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වා ගෙනයාම සදහා අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් සම්පත් කොටුවේගොඩ මහතාගේ උපදෙස් මත මෙම විශේෂ ඒකාබද්ධ වැඩසටහන පිළිබඳව ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා අදාල සියලු අංශ දැනුවත් කිරීම ඊයේ දින (08/05) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.

මෙවර උසස් පෙළ විභාගය කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් පෙන්වා දී ඇත.

 

යම් සිදු දරුවකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668119, 0113 668026, 0113 668032, 0113 668087 සහ 076 3 117 117 යන අංක වෙත හෝ විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකථන අංකයට ඒ බව දැන්විය හැකි අතර හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

උසස් පෙළ විභාගයට අදාලව නිකුත් කරන ලද විශේෂ ඒකාබද්ධ සැලසුම පහතින් භාගත කර ගත හැකිය.

Exam 2026  7Exam 2026  3Exam 2026  6

Exam 2026  4Exam 2026  9Exam 2026  2

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079