Emergency Warnings

rss

Australiyan Aids  9ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය යටතේ ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිචාර හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජීවිතාරක්ෂක වායුපිරවූ (Rescue Inflatable) ගලවා ගැනීමේ බෝට්ටු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයවෙත නිල වශයෙන් භාරදීමේ උත්සවය 2026 ජූලි 28 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවේදී ඉන්දීය සාගර කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු විශේෂ නියෝජිත, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ටිම් වොට්ස් (Hon. Tim Watts MP, Special Envoy for Indian Ocean Affairs) විසින් එම ජීවිතාරක්ෂක බෝට්ටු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

මෙම නව උපකරණ මඟින් ගංවතුර හා අනෙකුත් ජලය ආශ්‍රිත ආපදා අවස්ථාවන්හිදී කඩිනම් ගලවා ගැනීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමටත්, ආපදා ප්‍රතිචාර ධාරිතාව සහ ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇත.

2026.07.28
 
Australiyan Aids  6Australiyan Aids  3Australiyan Aids  7

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079