Emergency Warnings

rss

 

The Church of Jesus Christ of Latter-day Saints 1ආපදා අවස්ථාවන්හිදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම් හා ගලවා ගැනීමේ (Search and Rescue) මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින් පරිත්‍යාග කරන ලද මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වෙත නිල වශයෙන් භාරදීමේ උත්සවය 2026 ජූලි 28 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවේදී The Church of Jesus Christ of Latter-day Saints හි ආසියානු කලාප සභාපති කෙලී රේ ජොන්සන් (Kelly Ray Johnson – Asia Area President, Hong Kong), මිකී ලූ විං චුන්ග් (Mr. Lu Wing Chung Mickey – Director, Temporal Affairs) සහ එම සංවිධානයේ නියෝජිතයින් විසින් මෙම උපකරණ තොගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

මෙම පරිත්‍යාගයට විදුලි ජනක යන්ත්‍ර, හදිසි සහන කට්ටල, විදුලි දාම කියත්, VHF සන්නිවේදන කට්ටල සහ හයිඩ්‍රොලික් කැපුම් උපකරණ ඇතුළත් වු අතර මෙම උපකරණ මඟින් ගංවතුර, නායයෑම් සහ අනෙකුත් ආපදා අවස්ථාවන්හි සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමටත්, මානුෂීය සහන සේවා කඩිනමින් ජනතාව වෙත ළඟා කිරීමටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇත.  The Church of Jesus Christ of Latter-day Saints හි නියෝජිතයින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් ආරාධිත පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

2026.07.30
@DMC Srilanka

The Church of Jesus Christ of Latter-day Saints 2The Church of Jesus Christ of Latter-day Saints 3The Church of Jesus Christ of Latter-day Saints 4The Church of Jesus Christ of Latter-day Saints 5

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079