boat en2ආපදාවට පෙර සුදානම ව්‍යාපෘතිය යටතේ ගංවතුර ආපදා බහුල ප්‍රදේශ ආශ්‍රිතව ස්ථාපිත කර ඇති සෙවීම් හා මුදවා ගැනීමේ ඒකක ශක්තිමත් කිරීමේ අරමුණින් බෝට්ටු සදහා එන්ජින් බෙදා දීම ගරු වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (27) වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව ආපදා නිසා සිදුවන ජීවිත සහ දේපල හානි වළක්වා ගැනීම සඳහා ආපදා පෙරසුදානම් කිරීමේ වැඩසටහනක් වශයෙන් ආරම්භ කරන ලද ආපදාවට පෙර සුදානම වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ආපදා බහුල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ආපදා පෙරසුදානම් සහ දැනුවත් කිරීම් සහ අවම කිරීම් වයාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ.


ආපදාවට පෙර සුදානම වැඩසටහන යටතේ ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීම් ක්‍රමවත්ව සහ කාර්යක්ෂමව සිදු කිරීම සදහා සෙවීම් හා මුදවාගැනීම් ඒකක ස්ථාපිත කීරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති අතර අද දින (27) ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මුලික කරගනිමින් ස්ථාපිත කර ඇති මෙම සෙවීම් හා මුදවාගැනීම් ඒකක වෙත මිලියන 35 ක් වටිනා බෝට්ටු එන්ජිං 75 ක් බෙදා දීම සිදු කරන ලදී.
වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකමි එන්. ඒ සිසිර කුමාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආර්. පී. සමරක්කොඩි, හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරන්න ඇතුලු නිළධාරී පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052