அவசர எச்சரிக்கைகள்

rss

 

IMF  Visited Kandy  4ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ අනාගත සහාය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් තෙදින නිළ සංචාරයක් සඳ ශ්‍රී ලංකාවට පැමිණි සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු නියෝජිත කණ්ඩායම 2026 පෙබරවාරි 17 වන 'දිටිවා' සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඒ් අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඊයේ දින (17) දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ග්‍රාමයේ නිරීක්ෂණය කළාය.

විපතට පත් ජනතාව සමග අදහස් හුවමාරු කරගත් ජෝර්ජිවා මහත්මිය, ඔවුන්ට සිය සංවේගය පළ කළාය. මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදී රජය ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙල පිළිබඳව සතුට පළ කළ ජෝර්ජිවා මහත්මිය එහිදී ජනතාව දැක්වූ අසීමිත ධෛර්යය, කැපවීම හා එකමුතු බවද අගය කළාය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. ප්‍රේමසිංහ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු ඇතුලු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

@dmcSriLamka

IMF  Visited Kandy  1IMF  Visited Kandy  3IMF  Visited Kandy  4

IMF  Visited Kandy  6IMF  Visited Kandy  7IMF  Visited Kandy  8

IMF  Visited Kandy  5IMF  Visited Kandy  10

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052