හදිසි අනතුරු ඇඟවීම්

rss

 ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.


DSC 8433 400x600ඊසාන දිග මෝසම් සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පාර්ශවකාර ආයතනවල පවතින පූර්ව සූදානම් කටයුතු පිළිබඳව විමසා බැලීමත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන අනුව ඇතිවිය හැකි ආපදා අවදානම පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෝසම් පෙරසුදානම් දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාම මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (දෙසැම්බර් 10) ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ඊසාන දිග මෝසම් සක්‍රීය විමත් සමග පසුගිය වර්ෂ 30 ක කාල සීමාවකට අදාලව ඊසාන දිග මෝසම් වර්ෂාපතන දත්ත සළාකා බැලීමේදී උතුරු පළාත තුළ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත්, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍යයට අගයට ආසන්න සහ බටහිර සහ දකුණු පළාත්වල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන වලින් පෙනී යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනුෂා වර්ණසූරිය මහත්මිය පෙන්වා දෙන ලදී.

විශේෂයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී අඩු පීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එසේ වුවහොත් අධික වැසි, ගංවතුර සහ නායයෑම් සිදුවිය හැකි බැවින්, අදාළ ආයතන විසින් සපයනු ලබන උපදෙස් සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර කෙරෙහි මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මෙහිසී එතුමිය විසින් පෙන්වා දෙන ලදී.

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ තවදුරටත් අවදානම් සහිත බැවින් ඉදිරි මෝසම් වර්ෂාවත් සමග මෙම තත්ත්වය තවදුරටත් අවදානම් විය හැකි බවත් මිලිමීටර් 50 ක පමණ වර්ෂාපතනයක දී පවා නායයෑම් තත්ත්වයක් ඇති විය හැකි බැවින් තාක්ෂණික ආයතන විසින් නිකුත් කරනු ලබන අවදානම් නිවේදන අනුව කටයුතු කළ යුතු බව ජාතික ගොලනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පෙන්වා දෙන ලදී.
වර්තමානය වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආපදා හේතුවෙන් වර්ධනය වන අවදානම් තත්ත්ව කිසිවක් වාර්තා නොවන බවත් මෝසම් වර්ෂාව සමග ඩෙංගු සහ මී උණ තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් තමා ජීවත්වන වටපිටාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් වෛද්‍ය අසංග වෙදමුල්ල මහතා පෙන්වා දෙන ලදී.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සම්බන්ධ වූ අතර ත්‍රිවිධ හමුදාව, පොලීසිය‚ රාජ්‍යය නොවන ආයතන හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් සහභාගී වු අතර දිස්ත්‍රික් මට්ටමින් කටයුතු කරන නිළධාරීන් ආපදා තත්ත්වයක දී සෙවීම් හා මුදවාගැනීම් කණ්ඩායම් සහ උපකරණ මෝසම් වර්ෂාවට පෙර නිසි ආකාරයෙන් ස්ථාන ගත කිරීමේ වැදගත් කම අවධාරණය කරන ලදී.
ඇති විය හැකි ආපදාවන් හා ඒ සඳහා මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අදාල ආයතන හා පාර්ශව දැනුවත් කළ අතර අදාල ආපදා තත්ත්වය සඳහා පූර්ව සූදානමින් සිට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමෙහි වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා විය.

තාක්ෂණික ආයතන විසින් සිදුකරන ලද ඉදිරිපත් කිරීමේ පහතින් භාගත කර ගත හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

DSC 8438 400x600DSC 8439 400x600DSC 8486 400x600DSC 8489 400x600DSC 8494 400x600

DSC 8443 800x534DSC 8446 800x534DSC 8456 800x534

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052