Emergency Warnings

rss

Exam Ready 2025 AL 9අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගනිමින් විභාගයට පෙනී සිටීමේ ඉඩ ප්‍රස්ථා සැලසීමත් ආපදා හේතුවෙන් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සඳහාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර ඇත.

මෙම විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළට සමගාමීව මෙවර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් දරුවන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිළධාරීන් හට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති අතර විභාග කාල සීමාව තුළ ආපදාවලින් අවදානමින් තොර පරිසරයක් නිර්මාණය කර දීම සඳහා ඒ ඒ පාර්ශවකාර ආයතන කටයුතු කළ යුතු ආකාරය ඇතුලත් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

ඒ අනුව විභාගය පැවැත්වෙන කාලසීමාවට අදාලව හෙට දින සිට (09) දෙසැම්බර් 07 දින දක්වා සෑම දිනකම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ඒකකයන්හි ස්ථාපිත කර ඇති ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකය විවෘතව තැබෙන අනෙකුත් පාර්ශවකාර ආයතන අදාල මාර්ගෝපදේශ අනුව කටයුතු කරනු ඇත. යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනීසිටීමට යම් බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකථන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදී ඇති 1911 දුරකථන අංකයට හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි හදිසි මෙහෙයුම් මැදිරිය තුළ ස්ථාපිත කර ඇති ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකය විශේෂ ඇමතුම් අංක 113 668 026, 113 668 032, 113 668 087 සහ 113 668 119 යන දුරකථන වලට දැනුම්දීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබාගක හැක.

Exam Ready 2025 AL 15Exam Ready 2025 AL 12Exam Ready 2025 AL 16

Exam Ready 2025 AL 1Exam Ready 2025 AL 19Exam Ready 2025 AL 18Exam Ready 2025 AL 8Exam Ready 2025 AL 7Exam Ready 2025 AL 6

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079