සුනාමි ආපදාවක දී ජීවිත සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම අරමුණ සහිතව සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් 2015 වර්ෂයේ දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී නම් කරන ලදී.
“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාස (IOwave 25) පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.
කොළඹ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධිකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා දෙහිවල, තිඹිරිගස්යාය, රත්මලාන සහ මොරටුව යන ප්‍රාදේශීය ලේකම්වරුන් හා සුනාමි අවදානම් සහිත ග්‍රාම නිළධාරී වසම්වල ග්‍රාම නිලධාරීවරුන් ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ කටයුතු ඉටු කරනු ලබන පාර්ශවකාර ආයතන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.







