සුනාමි ආපදාවක දී ජීවිත සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම අරමුණ සහිතව සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් 2015 වර්ෂයේ දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී නම් කරන ලදී.“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාස (IOwave 25) පිළිබදව දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටන් මේ දිනවල පැවැත්වීමට ආපදසා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන් සහ පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම ලේකම් ප්‍රධානත්වයෙන් පසුගිය 14 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.
සුනාමි ඇතිවන ආකාරයත්, ඉන් ආරක්ෂිතවීම සදහා ගත යුතු පියවරයන් පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඉන්දියානු සාගර සුනාමි අභ්‍යාස පවත්වන ආකාරය සහ ප්‍රායෝගික අභ්‍යාසය සඳහා තෝරාගෙන ඇති ආයතන සහ ග්‍රාම නිළධාරී වසම් පෙරසුදානම් කළ යුතු අකාරය සහ මේ පිළිබඳව දිස්ත්‍රික් ජනතාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සිදු කරන ලදී.ප්‍රායෝගික අභ්‍යාසය සිදු කරන ආකාරය පිළිබදව රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සඳහා සිද්ධි විධාන අභ්‍යාසය (Table Top Exercise) සංවිධානය කරන තිබිණි. ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව අනුකරණය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිතවන සුනාමි තත්වයකදී එක් එක් ආයතන එම ආයතනයන්හි පවතින සම්මත ක්රියාපටියාටයට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබද මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම සිදු කරන ලදී. සිද්ධි විධාන අභ්‍යාසය (Table Top Exercise) තුළ සිදුවූ අඩුපාඩු සහ ඒවා නිවැරදි කර ගනිමින් කටයුතු කළ යුතු ආකාරව පිළිබද සමාලෝචනය කිරීමට කටයුතු කරන ලදී.
යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ (හදිසි මෙහෙයුම්) ටී.ඩබ්.කේ ඉන්දික පුෂ්පකුමාර මහතා විසින් ලබාදුන් අතර යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ ටී.සූරියරාජා මහතා සහ කිලිනොච්චි දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ අලහකෝන් මහතා සහභාගී වූ අතර මෙම දැනුවත් කිරීමේ වැඩසටහන යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මගින් සංවිධානය කරන ලදී.
යාපනය දිස්ත්‍රික්කයේ සුනාමි ආපදාවට අදාල සියලුම පාර්ශවකාර ආයතන නියෝජනය කරමින් නිළධාරීන් සහභාගී වූ අතර ප්‍රදේශිය ලේකම්වරුන්, සෞඛ්‍ය නිළධාරීන්, විදුලිබල මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජලසම්පාදන මණ්ඩලය, පරිසර අධිකාරිය, සමෘද්ධි අධිකාරිය, වාරිමාර්ග, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් සහභාගිී විය.







