Emergency Warnings

rss

 

wind1මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව අද(14) දින උදෑසන 08.30 වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 650 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.0 සහ නැගෙනහිර දේශාංශ 85.1 ආසන්නයේ ස්ථානගතව පවතින බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි ද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

නොවැම්බර් මස 15 දින සවස් කාලයේ / ලංකාවේ උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කොට දකුණු තමිල්නාඩු වෙරළ වෙත ගමන් කරනු ඇතැයි ද තවදුරටත් නිවේදනයේ සදහන් කර ඇත.
මෙම සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කවලත්, නොවැම්බර් මස 14 දින සවස් කාලයේ සිට 15 දින දක්වා දී වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි.

හෙට දින සවස් කාලයේ සිට යාපනය අර්ධද්වීපය හරහා පැ.කි.මී (80-90) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 100 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. මන්නාරම, පුත්තලම, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොලොන්නරුව, කිලිනොච්චි, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රීක්ක හරහා පැ.කි.මී (60-70) දක්වා වන තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 80 දක්වා වන ඉතා තද සුළං ඇතිවිය හැකි යැයි එම නිවේදනයේ තවදුරටත් සදහන්කර ඇත.
යාපනය අර්ධද්වීපයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සමහර ප්‍රදේශවලට මි. මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. උතුරු පළාතේ, සෙසු ප්‍රදේශවලද මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් සදහන් වේ.
මෙම තත්වය නිසා අතුපැලවලට සහ නිවාසවලට හානි සිදුවිය හැකි අතර, මුදුන් වහළ සහ ශක්තිමත්ව සවි නොකළ තහඩු වැනි දෑ සුළඟට ගසාගෙන යා හැක. විදුලි සහ දුරකථන රැහැන්වලට හානි සිදුවිය හැක. ගස්වල අතු කැඩීම් සහ මාර්ග අසල ඇති විශාල ගස් ගැලවී යා හැක.වී වගා බිම්වලට,කෙසෙල්, පැපොල් වැනි පළතුරු වගාවන් වලටද හානි සිදුවිය හැක. කඩාවැටෙන ගස්වලින් සහ විදුලි රැහැන් වලින් ආරක්ෂාවීම. ගිගුරුම් සහිත වැසි පවත්නා අවස්ථාවල රැහැන් දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම.වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැකි බවත් ජනතාවට දැනුම් දේ. එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ගේ සහය පතන ලෙස අවශ්‍ය ඕනැම අවස්ථාවක 117 දුරකථතන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත් ආපදා කළමනාකරණ මද්‍යස්ථානය දැනුම් දේ.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079