හදිසි අනතුරු ඇඟවීම්

rss

SLIDA 2025  1ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන රාජ්‍ය, ත්‍රිවිධ හමුදා සහ පෞද්ගලික අංශයේ කටයුතු කරන නිලධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිළධාරීන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (08/27) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

අදියර කීපයක් යටතේ පැවැත්වුණු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව තුළින් ආපදා අවදානම් කළමනාකරණය ක්‍රියාවලිය, ආපදා කළමනාකරණය පිළිබද නෛතික සහ ආයතනික රාමුව, ආපදා පෙරසුදානම් සැළසුම්කරණය, ආයතනික ආපදා කළමනාකරණ සැළසුම් සකස් කිරීම, ආපදා පුර්ව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය සහ සම්බන්ධීකරණ ක්‍රියාවලිය පිළිවදව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

එසේම රාජ්‍ය යාන්ත්‍රණය තුළ වගකීම් දරණ වෘත්තීයවේදීන් වශයෙන් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ අපේක්ෂිත අරමුණු ලඟාකර ගැනීමේ දී පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණය සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.

SLIDA 2025  2SLIDA 2025  5SLIDA 2025  8

SLIDA 2025  4SLIDA 2025  10SLIDA 2025  11

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052