Emergency Warnings

rss

philippines Ambasoder visit  4පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ඇලන් වෙනිගා මහතා (Alan Deniega) සහ ශ්‍රී ලංකාවේ පිලිපීන කොන්සල් ජනරාල් හියු ශ්‍රියාල් දිසානායක මහතා ඇතුලු පිලිපීන රාජ්‍යත්‍රාන්තික නිළධාරී කණ්ඩායමක් 2025 ජුනි 06 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙරට ක්‍රියාත්මක කරනු ලබන ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය, තත්කාලීන ආපදා තොරතුරු හුවමාරු ක්‍රමවේද, හදිසි මෙහෙයුම් සහ ආපදා හේතුවෙන් ඇතිවන බලපෑම් යලි යථාතත්වයට පත් කිරීමේ යාන්ත්‍රණය පිළිබඳ අවබෝධ කරගැනීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

ඒ අනුව ශ්‍රී ලංකාවෙහි ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සහ එහි නෛතික පසුබිම, ආපදා පෙරසුදානම් ක්‍රියාවලිය සහ මහජනතාව දැනුවත් කිරීම, හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය සහ පූර්ව අවදානම් ඇගවීමේ ක්‍රමවේද පිළිබඳ මෙම නියෝජිත පිරිස දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බවත් එබැවින් මෙරට ජීවත්වන සෑම කෙනෙකුගේම ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැවරී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් අධීප තිලකරත්න මහතා ඇතුලු මෙම අවස්ථාවට සහභාගී වූ අධ්‍යක්ෂවරුන් විසින් පෙන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සකස්වී ඇති ආකාරය අනුව එය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරනු ලබන ක්‍රම ශිල්ප සහ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය පිළිබඳ සිය සතුට පලකළ පිලිපීන විදේශ අමාත්‍යාංශ නියෝජිත පිරිස ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ දෙරට අතර ද්වි පාර්ශවික දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීම, ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ යහ පුරුදු (good practices) පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම දෙරටෙහි ආපදා කළමනාකරණ යාන්ත්‍රණයන් ශක්තිමත් කර ගැනීමට පිටුබලයක් වන බවත් ඒ සඳහා පුළුල් ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමුවීම පිළිබඳව පිලිපීන අතිරේක ලේකම්වරයා විසින් යෝජනා කරන ලදී.

philippines Ambasoder visit  1philippines Ambasoder visit  3philippines Ambasoder visit  2

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079