Emergency Warnings

rss

 

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්

bad weather rainදිවයින හරහා සක්‍රීය වී ඇති නිරිත දිග මෝස්ම් තත්ත්වය හේත්වෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (30) නිවේදනය කරඇත.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑලිය සහ මහනුවර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින විට පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. එසේම මේ දිනවල දිවයිනේ සෙයු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30-40 දක්වා තරසක තද සුළං පැවැතිය හැකි බව නිවේදනය කර ඇත.

එසේම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද දින (30) වන විට දිස්ත්‍රික්ක 09කට අයත් පවුල් 485කට අයත් පුද්ගලයින් 1,757 ක් පීඩාවට පත් වී ඇත. නිවාස හානි සළකා බැලිමේදී නිවාස 03ක් පුර්ණ වශයෙන් හානිය පත් වී ඇති අතර අර්ධ හානියට පත් වූ නිවාස සංඛ්‍යාව 1,757 කි.

ඇතිවිය හැකි තද සුළං තත්ත්වයනගෙන් සහ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත්, අධික වර්ෂාව නිසා ඇතිවිය හැකි ක්ෂණික ගංවතුර තත්වයන් සහ නායයාම් තත්වයන් නිසා ඇතිවිය හැකි අවධානම පිළිබදව සැළකිලිමත් වන ලෙසත් ඒ සදහා පුර්ව සුදානම් පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් පීඩාවට පත් වී ඇත්නම් හෝ දැනුවත් කිරීම සඳහා 117 දුරකථන අංකයට දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079