ttes Head office  1නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඇතිවිය හැකි ආපදා කළමනාකරණය කරගැනීම සඳහා ස්ථාපිත යාන්ත්‍රණයෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂාකිරීම සහ කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් අධික වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයක දී මහජනතාවට සිදූ විය හැකි පීඩාවන් අවම කරගැනීම සඳහා ආයතනික වශයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පෙරහුරු අභ්‍යාසයක් සංවිධානය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

අධ්‍යක්ෂ ජනෙරාල්ගේ උපදෙස් පරිදි නිරිත දිග මෝසම් වර්ෂාව බල පෑ හැකි දිස්ත්‍රික්ක වන ගම්පහ, කොළඹ, කළුතර, බදුල්ල, රත්නපුරය, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මුලික කරගනිමින් ක්‍රියාත්මක කරන ලද අභ්‍යාස වැඩසටහන සදහා ජාතික මටිටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා නිළධාරීන් 250 ක් පමණ සහභාගී විය.

පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදවල පවතින කාර්යක්ෂමතාව පරීක්ෂාකිරීම, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා විවිධ මට්ටම්වලදී වගකීම් දරනු ලබනපිරිසේ ධාරිතාව පරීක්ෂාකිරීම, ආපදා අනතුරු ඇගවීමක දී ප්‍රතිචාර දැක්වීම සහ ආරක්ෂිත ස්ථාන කරා යෑමට ගතවන කාලය පිළිබදඇගැයීමට ලක්කිරීම, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා සම්මත මෙහෙයුම් පටිපාටි ක්‍රියාවට නැංවීම සහ පරීක්ෂා කිරීම සහ පවතින ආපදා කළමනාකරණ සැලසුම් සහ සම්මත මෙහෙයුම් පටිපාටි (SOP) වැඩිදියුණු කිරීම, පුහුණුව, පරීක්ෂා කිරීම සහ ඇගයීමට ලක් කිරීමට මෙමගින් හැකි විය.

TTES 2025 Headoffice  3TTES 2025 Headoffice  4TTES 2025 Headoffice  5

TTES 2025 Headoffice  6TTES 2025 Headoffice  7Tabletop Ex 2025  11

Tabletop Ex 2025  15Tabletop Ex 2025  16Tabletop Ex 2025  22

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052