45280448 358334071406439 6140606732700745728 nකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2018 නොවැම්බර් මස 04 වන දින ප.ව. 08.00 නිකුත් කරන ලද විශේෂ නිවේදනයට අනුව දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නොවැම්බර් මස 5 වන දින රාත්‍රියේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතින බව නිවේදනය කර ඇත. මෙම අඩුපීඩන තත්වය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින හරහා මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාවක් පවතින බව තවදුරටත් නිවේදනනයේ සදහන් කර ඇත.ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

 

මේ පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල මි. මී. 100 ත් 150 ත් දක්වා වු තද හෝ ඉතා තද වැසි වැසි තත්ත්වයේ වැඩිවීමක් නොවැම්බර් මස 05 වන දින සිට 07 දින දක්වා බලාපොරොත්තු විය හැකි බවත් නොවැම්බර් 05 දින දී මඩකලපුව, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඌව, දකුණ සහ මධ්‍යම පළාත් වලත් ඇතැම් ස්ථාන වලට තද හෝ ඉතා තද වැසි අපේක්ෂා කෙරෙන බවත් මෙම නිවේදනයෙන් දන්වා ඇත.

ඉහත මුහුදු ප්‍රදේශ වල සුළං වේගය පැ කි මි 30-40 දක්වා වැඩි විය හැකි අතර විටින් විට පැ කි මි 50 දක්වා ඉහල යාමේ හැකියාව පවතින බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල පැ කි මි 70-80 දක්වා තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව දනුම් දේ. දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ සමකාසන්න ඉන්දියානු සාගර ප්‍රදේශ 2018 නොවැම්බර් 05 දින සිට 07 දින දක්වා රළු හෝ ඉතා රළු විය හැකිබවත් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ කොමරීන් මුහුදු ප්‍රදේශ 2018 නොවැම්බර් 07 දින සිට 08 දින දක්වා රළු හෝ ඉතා රළු විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

45337786 358333411406505 1269010386103828480 n

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ත්‍රිකුණාමලය සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දකවා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල 2018 නොවැම්බර් 05 දින සිට 07 දින දක්වාත්
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරලට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ කොමරීන් මුහුදු ප්‍රදේශ වල 2018 නොවැම්බර් 07 දින සිට 08 දිනයන්හි ධීවර සහ නාවික කටයුතු වල නිරත වන පිරිස යාත්‍රා නොකරන ලෙස අවවාද කෙරේ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ දැනට ධීවර කටුයුතු වෙල යෙදෙන ධීවරයින් 2018 නොවැම්බර් මස 05 දින රාත්‍රී කාලයට පෙර ආසන්න ගොඩබිම් ප්‍රදේශයට හෝ ආරක්ෂාකාරී මුහුදු ප්‍රදේශයකට ගමන් කරන ලෙස අවවාද කෙරේ .

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079