Emergency Warnings

rss

 

Miyanmar team 5පසුගියදා මියන්මාරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට ලක්වූ එරට ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ හදිසි සහන මෙහෙයුම සාර්ථකව නිම කිරීමෙන් පසු ඒ සඳහා විශේෂයෙන්  යොදවනු ලැබූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම අප්‍රේල් 26 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් යළි මව්බිමට ළගා වූහ.

මෙම මස මුලදී මියන්මාරයට බලපෑ විනාශකාරී භූමිකම්පා අවස්ථාවේදී, ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය අප්‍රේල් 5 වන දින මෙම විශේෂ ත්‍රිවිධ හමුදා සහන සේවා කණ්ඩායම මියන්මාරය බලා පිටත් වු අතර ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම මියන්මාරයේ නේ පි ටෝ (Nay Pyi Taw) පළාතේ භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශයක් වන පොබ්බා තිරි (Pobba Thiri) නගරයේ ආපදා සහන සේවා කටයුතු වල නිරත විය.

ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩායම එරට පළාත් පාලන ආයතන සමඟ එක්ව කටයුතු කරමින්, කඩිනමින් ජංගම වෛද්‍ය සායන ස්ථාපිත කරනු ලැබූ අතර, අවතැන් වූ ජනතාව අතුරින් හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සහිත පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පැවති තත්වයේ කඩිනම් තක්සේරු කිරීමක් සිදු කරනු ලැබූහ. මෙම වෛද්‍ය මෙහෙයුම් ඔස්සේ විශේෂයෙන් එරට වාණිජ අමාත්‍යාංශ සංකීර්ණය, ලැට් ලොක් ටවුන් පාගෝඩා (Lat Lok Toun Pagoda) සහ මෂිඛානා (Mashikhana) ආරාමය යන ස්ථාන වල ස්ථාපිත තාවකාලික අවතැන් කඳවුරුවල සිටින ජනතාව වෙත තුවාලවලට ප්‍රතිකාර කිරීම, රෝග පැතිරීම වැළැක්වීම මෙන්ම, කාන්තාවන් හා ළමුන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ලදී.

මෙම මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වීමට කටයුතු කිරීම තුළින් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම, හදිසි ආපදා තත්ත්වයකදී අපගේ මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයන් වෙත අවශ්‍ය සහාය දැක්වීම සඳහා රටක් වශයෙන් අපගේ ඇති කැපවීම මැනවින් පිළිඹිබු කෙරිණි.

Miyanmar team 1Miyanmar team 3Miyanmar team 6

Miyanmar team 7Miyanmar team 11Miyanmar team 10

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079