Humanitarian Duteis in Myanmar 2025  5පසුගියදා ඇති වූ දරුණු භූමිකම්පාවෙන් සැලකිය යුතු දේපල හානි සහ පුද්ගල අවතැන්වීම් වාර්තා වූ මියන්මාරයේ සිදු කෙරෙමින් පවතින ආපදා සහන සේවා මෙහෙයුම් වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂිත මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායම සිය අඛණ්ඩ සහාය තවදුරටක් දක්වමින් කටයුතු කරයි.

පසුගිය සතියේ මියන්මාරය වෙත ළඟා වූ ඔවුන්, භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කලාපවලින් එකක් වන Nay Pyi Taw පළාතට වහාම පිටත් කර හරින ලදී. පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 10) දින ඔවුන් තවදුරටත් Pobba Thiri නගරයේ මෙහෙයුම් සඳහා යොදවන ලද අතර, එහිදී ඔවුන් මෙම සහන මෙහෙයුමේ කොටසක් වශයෙන් ආරම්භ කල ජංගම වෛද්‍ය සායන කටයුතුවල නියැලෙමින් සිටී.

ශ්‍රී ලංකා සහන කණ්ඩායම පීඩාවට පත් ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දෙමින්, අවතැන් වූ පුද්ගලයින් වෙනුවෙන් ස්ථාපිත මධ්‍යස්ථානවල නවාතැන් ගෙන සිටින කාන්තාවන්, ළමුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරයි. එරට වාණිජ අමාත්‍යාංශය, Lat Lok Toun Pagoda සහ Mashikhana Monastery හි පිහිටුවා ඇති සහන සේවා මධ්‍යස්ථානය මීට ඇතුළත් වේ.

තුවාල වලට ප්‍රතිකාර කිරීම, ඇතිවිය හැකි ආසාදන කළමනාකරණය කිරීම සහ ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ගේ සමාජීය යහපැවැත්ම සහතික කිරීම ඇතුළු හදිසි සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමට ජංගම වෛද්‍ය ඒකක කටයුතු කරමින් සිටී. ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව, බලපෑමට ලක් වූ ජනතාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා මනෝවිද්‍යාත්මක සහාය සහ සෞඛ්‍ය අධ්‍යාපනය ද මෙම කණ්ඩායම විසින් ලබා දෙනු ලැබේ.

ඉදිරි දිනවලදී මියන්මාරය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන්ට සහාය වීම සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම පළාත් පාලන ආයතන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් සිය මෙහෙයුම් දිගටම කරගෙන යන අතර සිය දේශසීමාවෙන් පිටත සිදුවන හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ ශක්තිමත් මානුෂීය කැපවීම සහ කලාපීය සහයෝගීතාවය මෙවැනි අඛණ්ඩ සහන මෙහෙයුම් මගින් මනාව ඉස්මතු කෙරේ.

උපුටා ගැනීම https://www.defence.lk/

Humanitarian Duteis in Myanmar 2025  4Humanitarian Duteis in Myanmar 2025  2Humanitarian Duteis in Myanmar 2025  1

Humanitarian Duteis in Myanmar 2025  3Humanitarian Duteis in Myanmar 2025  8Humanitarian Duteis in Myanmar 2025  11

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052